Thursday, March 12, 2009

මම ටිෂූ බොක්ස් එකක්මි..



මගේ නම ටිෂූ බොක්ස්. මම ජීවත් වෙන්නේ කාර් එකක් ඇතුලේ. කාර් එකක් ඇතුලේ කිව්වට අර කැබින් එක කියන එක ඇතුලේ. මාව එක එක වැඩ වලට ප්‍රයෝජනයට ගන්නවා. වැඩි හරියක්ම ප්‍රයෝජනයට ගන්නේ ඒකෙ යන ගෑණු ළමයගේ කදුළු පිහදාන්න. කදුළු ටික පිහදාන්න කියලා ගත්තට හොටු ටිකත් ඔක්කොම අතුල්ලන්නේ මගේම තමයි.
ඒ ගෑණු ළමයට පිං සිද්ධ වෙන්න මම කොහොමටත් දවසකට වරක් වත් කැබින් එකෙන් එලියට එනවා. මම දන්නවා මගේ ගෑවෙන්නේ කදුළු කියලා. ඒවා ලුණු රසයි. ඒ වගේම රස්නෙයි. මට ඒකේ වෙනසක් දැනෙනවා. මගේ ආයු කාලය ඉතාමත් කෙටියි. මොකද මාව සීග්‍රයෙන් ක්ශය වීගෙන යන නිසා. තව දවස් 6ක් වගේ මම ජීවත් වේවි. මම නැති උනාම ඒ ගෑනු ළමයට පාළුවක් දැනේවි. කදුළු එන වෙලාවට මාව මතක් වේවි. ඒ ගෑනු ළමයගෙ ඇස් වලින් කදුළු එන වෙලාවට, මාව අතට ගන්න කොට මම දැක්ක ඒ ගෑනු ළමයා මගේ දිහා බලන්නේ එයාගේ හොදම යාලුවෙක් දිහ බලනවා වගේ කියලා..
මම එයාට ජීවත් වෙලා ඉන්න කාලෙදි හොද යාලුවෙක් වුනා කියල මට සතුටු උන හැකී.. එයා අද උදෙත් මට ස්තූති කලා එයා වෙනුවෙන් මම ඉන්න එකට..
මම හැමදාම එයාගේ යාලුවෙක්.. එයාටත් මම හැමදාම යාලුවෙක්..

3 comments:

ප්‍රතිව් said...

කන්දුලු පිහදාන්නේ ගෑනු ළමයි විතරද...මට එක කියවද්දි හිතුනේ ඒ අදහස.. කන්දුලු වලට බේදයක් නෑහෑ. කන්දුලු අපි කාටත් උරෑමයි..! දුකට අපි අඩනවා, සතුටටත් අපි අඩනවා එත් දුකට අඩනකොට කන්දුලු උනුසුමි. හිනා වෙනකොට කන්දුලු සීතලයි...! එක දනෙන්නේ ටිශුකොලයකටම තමයි..!

අපූරෑයි...!

Unknown said...

එල එල! හෙනම ලස්සනයි. :)

malee_msg said...

අයියෝ දැනුයි මතක් වුනේ මගේ කාමරේ තිබ්බ ටිෂු බොක්ස් එකත් ඉවර වෙලා දැන් සති දෙක තුනක්ම වෙනවා. අලුත් එකක් ගන්න අමතක වුනා.හැබැයි ඒක නම් ඉවර උනේ කදුළු පිහිදලා නෙවෙයි. අරන් මනම් හොරෙන් කාලා අත පිහිදගන්න අරන් හිකිස්

අනේ මේ වර්ඩ් වරිෆිකේෂන් එක අයින් කරන්නකෝ