
අද සිකුරාදා....
ඇති යන්තම්,
ගෙදර ගිහින් සැනසිල්ලේ
කාර්‍යාල අමතක කර
නිදා ගන්න පූළුවන්...
නිදා ගන්න???? මොන පිස්සුද?
හෙට ශනිදා....
ඔන්න ඉතින් අද ශනිදා...
උදේ පටන් රෑ වනතුරු
උපාධියේ දේශන සහ වැඩ කටයුතු
ගානක් නෑ.... හෙට ඉරිදනේ
දන්නෙත් නෑ.. ඉරිද ඇවිත්
මහන්සියට නින්ද ගියා
දොලහයි මම නැගිටින කොට
තව එක වරුවක් ඉතිරියි..
නාලා, කාලා, බීලා, ටිකක්
සැනසිල්ලේ ඉන්න ඕනෙ..
සැනසිල්ලේ??? ඒ කොහොමද?
හෙට සදුදනෙ...
ඒක තමයි .. හෙට සදුදනෙ
ගානක් නෑ...... (ගනන් ගත්තත් කරන්න දේකුත් නෑ)
ඊළග සති අන්තය තෙක්,
විවේකයක් නොමැති වුවත්,
බලා ඉන්නවා ආයෙත්.............
සීතල පිණි කැට..... වැටෙනා වු මේ යාමේ
සීත සුළං රැල් ..... හමනා වු මේ යාමේ
අනන්ත වූ විශ්වය පීරා.... පීරා සෙව්වෙමි
මා හදෙහි සැඟව ඇති... ඒ අරුමේ
සුදු වැලි ඇතිරෑ පොලොව මතින්
අහස් කුසේ තරු වියන යටින්
දුටුවා මා සෙවු ඒ අරුමේ
ඔබගේ සියුමැලි වත කමලින්.....
සීතල පිණි කැට.....
සරා සදකි ඔබ කළුවර අහසට
විකසිත කුසුමකි වන පෙත් අරණට
වැහි බිදුවකි මේ නිරුදක කතරට
නව අරුතකි මගෙ ජීවන ගමනට.....
සීතල පිණි කැට.....
The Beauty of Love...!!
කටු පොකුරකි මා සිපගත්තේ
බලාපොරොත්තුව දෝත දරාගෙන
හෙට හිමිදිරියේ විකසිත වන්නට
මලක් ලෙසින්.....
විකසිත වූයේ නෑ
මා පැතු ලෙස
මුකුලිත විය
හෙට දිනට කලින්
මුකුලිත වී විසිරී ගිය මල් පෙති
අහුලා ගත්තද ඔබ මෙලෙසින්
සිතන්නෙපා හැකි වේය කියා
යලි මලක් කරන්නට පැතු විලසින්...........
When someone lost faith of His/Her Love..!!