Monday, July 14, 2008

මනුෂ්‍යත්වයේ නාමයෙන්.... (name of humanity)


මෙම සටහන ආරම්භ කිරීමට හේතුවුනේ හිතේ ඇතිවුන ලොකු කලකිරීමක්...
අපි දෙයක් ආරම්භ කරන කොට ඒ දේ ආරම්භ කරන්නේ යම් කිසි අරමුණක් මුදුන් පමුණුවාගෙන.යම් කිසි දේශපාලනික පක්ෂයකට වුනත් එහි ආරම්භය සදහා පැහැදිලි අරමුණක් තිබෙනවා. එහි අරමුණ බලය, ධනය, කීර්තිය වන්නට පුලුවන්, නමුත් එයත් අරමුණක්. බලය, ධනය, කීර්තිය අරමුණ කරගත් පක්ෂ තවමත් වරින් වර බල ලෝභීත්වය මත විසිරී, එකතු වී යලි යලිත් ගොඩ නැගෙනවා. නමුත්................
මනුෂ්‍යත්වය උදෙසා ගොඩ නැගුණ පක්ෂයක් එලෙස විසිරී යනු දැකීම ඉතාමත් ශෝකයට කරුණක්. ඔවුන් මනුෂ්‍යත්වය අරමුණු කරගෙන ලෙයින්, දහඩියෙන් අඩිතාලම දමමින් පක්ෂය ගොඩ නැගුවා. නමුත් අද ඔවුන්ට ඔවුන්ගේ අරමුණ අමතක වෙලා. අරමුණ තවමත් මතක උදවිය පක්ෂයෙන් ඉවතට ගොසින්..
අපට වැදගත් පක්ෂයේ නම නොවේ, එහි අරමුණයි. ඒ නිසාම පක්ෂයෙන් ඉවතට ගියත් පක්ෂයේ අරමුණ වෙනුවෙන් කැපවී සිටින සහෝදරයන්ට ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් මගේ සහයෝගයත් ලබා දිය යුතුයැයි මට සිතුනා.
මේ මම මගේ හෘද සාක්ෂියට අවනත වූ අවස්ථාවක්..........

Reality of Politics in Sri Lanka..!!

Wednesday, July 2, 2008

අරුමේ........ (Wonder)


සීතල පිණි කැට..... වැටෙනා වු මේ යාමේ
සීත සුළං රැල් ..... හමනා වු මේ යාමේ
අනන්ත වූ විශ්වය පීරා.... පීරා සෙව්වෙමි
මා හදෙහි සැඟව ඇති... ඒ අරුමේ


සුදු වැලි ඇතිරෑ පොලොව මතින්
අහස් කුසේ තරු වියන යටින්
දුටුවා මා සෙවු ඒ අරුමේ
ඔබගේ සියුමැලි වත කමලින්.....


සීතල පිණි කැට.....


සරා සදකි ඔබ කළුවර අහසට
විකසිත කුසුමකි වන පෙත් අරණට
වැහි බිදුවකි මේ නිරුදක කතරට
නව අරුතකි මගෙ ජීවන ගමනට.....


සීතල පිණි කැට.....

The Beauty of Love...!!

Thursday, June 26, 2008

බ්‍‍ලොග් අත‍රේ ඇවිදීමි........(Walking through Blogs)


සිංහල බ්‍‍ලොග් රචනයට මම තවමත් ආධුනික‍‍යෙක්. ඒ නිසාම මම අද සිංහල බ්‍‍ලොග් අඩවි වල ‍‍පොඩි රවුමක් ගහන්න ඕ‍‍‍‍නෙ කියලා හිතුවා.
ඒ අතරින් සිත් බැදගත් බ්‍‍ලොග් කිහිපයක්ම මට හමුවුනා. ‍‍කෙතරම් නිර්මාණශීලි පිරිසක් අපි අත‍‍රේ සිටිනවාද? එම බ්‍‍ලොග් අත‍රේ කෙතරම් සැගවුණ කුසලතා හිමි පුද්ගලයන් සිටිනවාද?
හැම‍‍දේම ‍ගෝලීයකරණයවන ‍මේ යුග‍යේ වුනත් නූතන ශ්‍රි ලාංකික හදවත් වලට දැ‍නෙන ‍දේ ප්‍රකාශ කරන්න ඉංග්‍රිසි භාෂාව වැනි ජාත්‍යන්තර භාෂාවක් දියුණු මදි කියලයි මට අවසාන‍යේ දී පසක් වු‍‍නේ.
ඉංග්‍රිසි බ්‍‍ලොග් අත‍රේ අතරමං වුන නිර්මාණශීලිබව හා ශ්‍රි ලාංකික කලාව සිංහල බ්‍‍ලොග් තුලින් දළුලා වැ‍ඩෙන්න පටන් අරන්............


For the People who think Different..!!

අහිමි වු බලාපොරොත්තුව....... (Lost Hope)


කටු ‍පොකුරකි මා සිපග‍ත්තේ
බලාපොරොත්තුව ‍‍දෝත දරා‍ගෙන
‍‍හෙට හිමිදිරි‍යේ විකසිත වන්නට
මලක් ‍ලෙසින්.....

විකසිත වූයේ නෑ
මා පැතු ‍ලෙස
මුකුලිත විය
‍‍හෙට දිනට කලින්

මුකුලිත වී විසිරී ගිය මල් ‍‍පෙති
අහුලා ගත්තද ඔබ ‍මෙ‍‍ලෙසින්
සිතන්නෙපා හැකි ‍‍‍
‍වේය කියා
යලි මලක් කරන්නට පැතු විලසින්...........

When someone lost faith of His/Her Love..!!

Wednesday, June 25, 2008

පලමු බ්ලොග් සටභන (First Blog Note)

කාලයක් තිස්සේ හිතේ පුදුම ආසාවක් තිබුනා සිංහලෙන් බ්ලොගයක් ආරම්භ කරන්න. අද මට ඒ ආසාව මුදුන් පමුණුවා ගන්න පලුවන් වෙච්ච එක ලොකු සතුටක්.
මම එදිනෙදා දකින, මුහුණ පාන නමුත් හිතට දැනෙන බොහෝ දෑ, මගේ ඇසින් ඔබ වෙත ගෙන එන්නයි මා‍ගේ මේ ප්‍රයත්නය.............