Friday, August 1, 2008

සාර්ක් සහ රටේ සංවර්ධනය....... (SAARC and development of Sri Lanka)


මේ දවස් වල සෑම මාධ්‍යයකම වැඩිපුරම ප්‍රචාරය වෙන්නේ 15 වන සාර්ක් සමුළුව ගැන. දකුණු ආසියානු කලාපයේ සංවර්ධන වැඩපිලිවෙල වල් ගැන මහා පරිමාණයෙන් මේ සමුළුවේ දී කතා බහට ලක් වෙනවා.
ශ්‍රි ලංකාව පවතින තත්වයට වඩා තව බොහොමයක් සංවර්ධනය විය යුතු රටක්. මෙහිදී සංවර්ධනය කියලා මම අදහස් කරන්නේ භෞතික දෑ සලකා බලමින්. මානුෂීය අතින් තවමත් ශ්‍රි ලංකාව, කුමන දේ වුවත් ඉදිරියෙන් සිටිනවා. ප්‍රශ්නෙකට තියෙන්නේ අමානුෂික ක්‍රියාවන් වල නිරතවන්නේ අවමයක් වුනත්, ඔවුන් ඉහලම ස්ථරවල සිටින නිසා එය නිතර පාහේ මාධ්‍යයවලින් කැපිලා පේන එක.
සාර්ක් සමගින් ශ්‍රි ලංකාවට සංවර්ධනය වැඩපිලිවෙල වල් බොහොමයක් ලැබේවි. නමුත් ඒවා දිගු කාලීන වැඩපිලිවෙල වල් වනවාට කිසිදු සැකයක් නෑ. කෙටි කාලීනව බැලුවහොත් සංවර්ධනයට වඩා විනාශයක් සිදුවන බවනම් මේ දවස් ටිකේ පෙනෙමින් පවතිනවා.
එකක් තමයි කොම්පඤ්ඤවීදියේ තිබූ අනවසර නිවාස ඉවත් කිරීම. අනික් දේ තමයි රාජගිරියේ අනවසර කඩපෙල් ඉවත් කිරීම. අනවසරයෙන් ඉදිකිරීම් සිදුකලේ නම් ඒවා ඉවත් කිරීම සර්ව සාධාරණයි. නමුත් ඒවා තුලත් ජීවත් වනනේ මිනිසුන් බව අමතක නොකල යුතුයි. ඒ මිනිස්සුන්ගේ ජීවිත රැකිලා තියෙන්නේ ඒ බිත්ති හතරෙන් වටවූ නිවස තුල. ඒ ජීවිත යලිත් එපරිද්දෙන් ගොඩනැගීම එතරම් ලේසි කටයුත්තක් නෙමෙයි. සාමාන්‍ය ජනතාවට බඩුමිල දරාගන්න බැරි කාලෙක, මේ වගේ සිදුවීමකටත් මුහුණ පාන්න සිදුවු විට ඒ පුද්ගලයා තමන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඕනම දෙයක් කරන තැනකට අසරණ වෙනවා. ඒ තැනට මිනිසා පත්වෙන්නේ ඉතාමත් අඩු කාලෙකින්. මේ අසරණකම සාරධර්ම පිරිහෙන්න මූලික වෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍යය වන්නේ නැහැ. දිගු කාලීන සංවර්ධන වැඩපිලිවෙල වල් සාර්ක් මගින් කතා බහට ලක්වුනත් ඒ සංවර්ධනයේදී අප සතුව පවතින වටිනාම සම්පත, "මනුස්සකම" හීන වෙලා යනවා නම් මේ රටේ සංවර්ධනයෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?