Thursday, June 26, 2008

බ්‍‍ලොග් අත‍රේ ඇවිදීමි........(Walking through Blogs)


සිංහල බ්‍‍ලොග් රචනයට මම තවමත් ආධුනික‍‍යෙක්. ඒ නිසාම මම අද සිංහල බ්‍‍ලොග් අඩවි වල ‍‍පොඩි රවුමක් ගහන්න ඕ‍‍‍‍නෙ කියලා හිතුවා.
ඒ අතරින් සිත් බැදගත් බ්‍‍ලොග් කිහිපයක්ම මට හමුවුනා. ‍‍කෙතරම් නිර්මාණශීලි පිරිසක් අපි අත‍‍රේ සිටිනවාද? එම බ්‍‍ලොග් අත‍රේ කෙතරම් සැගවුණ කුසලතා හිමි පුද්ගලයන් සිටිනවාද?
හැම‍‍දේම ‍ගෝලීයකරණයවන ‍මේ යුග‍යේ වුනත් නූතන ශ්‍රි ලාංකික හදවත් වලට දැ‍නෙන ‍දේ ප්‍රකාශ කරන්න ඉංග්‍රිසි භාෂාව වැනි ජාත්‍යන්තර භාෂාවක් දියුණු මදි කියලයි මට අවසාන‍යේ දී පසක් වු‍‍නේ.
ඉංග්‍රිසි බ්‍‍ලොග් අත‍රේ අතරමං වුන නිර්මාණශීලිබව හා ශ්‍රි ලාංකික කලාව සිංහල බ්‍‍ලොග් තුලින් දළුලා වැ‍ඩෙන්න පටන් අරන්............


For the People who think Different..!!

අහිමි වු බලාපොරොත්තුව....... (Lost Hope)


කටු ‍පොකුරකි මා සිපග‍ත්තේ
බලාපොරොත්තුව ‍‍දෝත දරා‍ගෙන
‍‍හෙට හිමිදිරි‍යේ විකසිත වන්නට
මලක් ‍ලෙසින්.....

විකසිත වූයේ නෑ
මා පැතු ‍ලෙස
මුකුලිත විය
‍‍හෙට දිනට කලින්

මුකුලිත වී විසිරී ගිය මල් ‍‍පෙති
අහුලා ගත්තද ඔබ ‍මෙ‍‍ලෙසින්
සිතන්නෙපා හැකි ‍‍‍
‍වේය කියා
යලි මලක් කරන්නට පැතු විලසින්...........

When someone lost faith of His/Her Love..!!

Wednesday, June 25, 2008

පලමු බ්ලොග් සටභන (First Blog Note)

කාලයක් තිස්සේ හිතේ පුදුම ආසාවක් තිබුනා සිංහලෙන් බ්ලොගයක් ආරම්භ කරන්න. අද මට ඒ ආසාව මුදුන් පමුණුවා ගන්න පලුවන් වෙච්ච එක ලොකු සතුටක්.
මම එදිනෙදා දකින, මුහුණ පාන නමුත් හිතට දැනෙන බොහෝ දෑ, මගේ ඇසින් ඔබ වෙත ගෙන එන්නයි මා‍ගේ මේ ප්‍රයත්නය.............