Monday, February 28, 2011

නව නොවන නව ඇරඹුම

අවුරුද්දකුත් මාස 5කට පසු යලිත් සිංහල බ්ලොගය වෙත පිය නැගීමට හිතුවේ මාගේ මූනුපොතේ හි සිටින, මාත් සමග බ්ලොග් ගමනේ මුල සිටම එකට ගමන් කල තවත් කීප දෙනෙකුගේ ඉල්ලීම පරිදිය... බ්ලොග් ලිවීම නතර කරන්නට සිදු වූයේ මන්දැයි කීමට මාවත් නොදනිමි.. මා විසින්ම නිදහස්ට කාරණා කීපයක් නිර්මානය කරගෙන ඇත.. රැකියාව.. ඉගෙනුම.. ඔත්පල වීම මින් ප්‍රධාන තැනක් ගනී..
සිංහල බ්ලොග් කියවනයෙන් මාගේ බ්ලොගය ඉවත් කර ඇත.. එය දැනගත්තේද සුහද හමුවට පෙර දිනයේය... එය කෙතරම් හිතට දුක් දුන් කරුණක් වූයේද නම්... සුහද හමුවට යාම සපුරා මා විසින් තහනමට ලක් කර ගතිමි... ඒ මන්ද යත් මම තව දුරටත් ඔවුන්ගෙන් කෙනෙක් නොවෙමි යන හැගීම හිතේ ජනිත වූ නිසාවෙනි..
නමුත් අද සිට යලිත් සිංහල බ්ලොගයට පණ පෙවීමට මම උත්සහ කරමි.. යලිත් බ්ලොගය ලිවීමට මට දිරි දුන් සියලු දෙනටම තුති...