Thursday, June 26, 2008

බ්‍‍ලොග් අත‍රේ ඇවිදීමි........(Walking through Blogs)


සිංහල බ්‍‍ලොග් රචනයට මම තවමත් ආධුනික‍‍යෙක්. ඒ නිසාම මම අද සිංහල බ්‍‍ලොග් අඩවි වල ‍‍පොඩි රවුමක් ගහන්න ඕ‍‍‍‍නෙ කියලා හිතුවා.
ඒ අතරින් සිත් බැදගත් බ්‍‍ලොග් කිහිපයක්ම මට හමුවුනා. ‍‍කෙතරම් නිර්මාණශීලි පිරිසක් අපි අත‍‍රේ සිටිනවාද? එම බ්‍‍ලොග් අත‍රේ කෙතරම් සැගවුණ කුසලතා හිමි පුද්ගලයන් සිටිනවාද?
හැම‍‍දේම ‍ගෝලීයකරණයවන ‍මේ යුග‍යේ වුනත් නූතන ශ්‍රි ලාංකික හදවත් වලට දැ‍නෙන ‍දේ ප්‍රකාශ කරන්න ඉංග්‍රිසි භාෂාව වැනි ජාත්‍යන්තර භාෂාවක් දියුණු මදි කියලයි මට අවසාන‍යේ දී පසක් වු‍‍නේ.
ඉංග්‍රිසි බ්‍‍ලොග් අත‍රේ අතරමං වුන නිර්මාණශීලිබව හා ශ්‍රි ලාංකික කලාව සිංහල බ්‍‍ලොග් තුලින් දළුලා වැ‍ඩෙන්න පටන් අරන්............


For the People who think Different..!!

2 comments:

Bo said...

බොහොම සොඳුරු ලියවිල්ලක්. අපි හිතන්නේ සිංහලෙන් නිසා, සිංහල බ්ලොග් අඩවි තුල රැඳි ඒ සැබෑ අව්‍යාජ අපේකම කියන දේ අනෙක් අඩවි තුලින් දකින්නේ නෑ මම. ඔබට ජය ශ්‍රී

Nevi said...

බොහොම ස්තූතියි ඔබේ අදහසට... මට ඒක ගොඩාක් වටිනවා...