
මෙම සටහන ආරම්භ කිරීමට හේතුවුනේ හිතේ ඇතිවුන ලොකු කලකිරීමක්...
අපි දෙයක් ආරම්භ කරන කොට ඒ දේ ආරම්භ කරන්නේ යම් කිසි අරමුණක් මුදුන් පමුණුවාගෙන.යම් කිසි දේශපාලනික පක්ෂයකට වුනත් එහි ආරම්භය සදහා පැහැදිලි අරමුණක් තිබෙනවා. එහි අරමුණ බලය, ධනය, කීර්තිය වන්නට පුලුවන්, නමුත් එයත් අරමුණක්. බලය, ධනය, කීර්තිය අරමුණ කරගත් පක්ෂ තවමත් වරින් වර බල ලෝභීත්වය මත විසිරී, එකතු වී යලි යලිත් ගොඩ නැගෙනවා. නමුත්................
මනුෂ්‍යත්වය උදෙසා ගොඩ නැගුණ පක්ෂයක් එලෙස විසිරී යනු දැකීම ඉතාමත් ශෝකයට කරුණක්. ඔවුන් මනුෂ්‍යත්වය අරමුණු කරගෙන ලෙයින්, දහඩියෙන් අඩිතාලම දමමින් පක්ෂය ගොඩ නැගුවා. නමුත් අද ඔවුන්ට ඔවුන්ගේ අරමුණ අමතක වෙලා. අරමුණ තවමත් මතක උදවිය පක්ෂයෙන් ඉවතට ගොසින්..
අපට වැදගත් පක්ෂයේ නම නොවේ, එහි අරමුණයි. ඒ නිසාම පක්ෂයෙන් ඉවතට ගියත් පක්ෂයේ අරමුණ වෙනුවෙන් කැපවී සිටින සහෝදරයන්ට ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් මගේ සහයෝගයත් ලබා දිය යුතුයැයි මට සිතුනා.
මේ මම මගේ හෘද සාක්ෂියට අවනත වූ අවස්ථාවක්..........
Reality of Politics in Sri Lanka..!!
6 comments:
ඔයා කියන කතාව ඇත්ත. එත් ඔය කෑගහන වැඩි ෙදෙනක්ෙග සද්දෙ ව්තරයි වැඩ නෑ. ෙද්ශපාලනය කියන්නෙ විහිලුවක්
~*~ CHARITH ~*~ ගේ ප්‍රතිචාරයට විශේෂණ පදයක් එකතු කරන්න අකමැත්තෙන් වුවත් සිද්ධවෙනවා
"ලංකාවේ" දේශපාලනය කියන්නේ විහිලුවක්
මනුෂ්‍යත්වය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද?
මම දකින විදියට ෙද්ශපාලන පක්ෂයක් කුමන අරමුණක් උෙදසා ෙගාඩනැගුනත් අවසානෙය්දි තිබිය යුත්ෙත් අප ජීවත් වන මාතෘ භූමියට යහපතක් කරනවා කියන අරමුණ. ප්‍රශ්ෙන තිෙයන්ෙන් අද ෙද්ශපාලනෙය් ඉන්න හැෝමම ඕක අමතක කරලා තම තමනේග අරමුණු ගැන දත කන එකයි.
මගේ අදහසත් අද ලංකාවේ දේශපාලනය යනු විහිළුවක් පමණයි කියලා. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ දේශපාලනය විහිළවක් ලෙස, ඒත් වත්මන් ලාංකීය සමාජ රාමුව ඇතුලේ දේශපාලනය විවිධ අවස්ථාවාදි අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වෙන්නක්. එ්ත් එය එපමණකින්ම නවතින්නේ නැහැ...
අනික ඔබ ඔය කියන දේ පැහැදිලි නැහැ.
" ඒ නිසාම පක්ෂයෙන් ඉවතට ගියත් පක්ෂයේ අරමුණ වෙනුවෙන් කැපවී සිටින සහෝදරයන්ට ඔවුන්ගේ " --
මින් අදහස් වෙන්නෙ කවුරු ගැනද?
අදහස් දැක්වූ ඔබට තුති.
@ kasun
"පක්ෂයෙන් ඉවතට ගියත් පක්ෂයේ අරමුණ වෙනුවෙන් කැපවී සිටින සහෝදරයන්ට" යනුවෙන් මම අදහස් කලේ ජ.වි.පෙ න් මෑතකාලයේ ඉවත් වූවන්..
Post a Comment