
අද සිකුරාදා....
ඇති යන්තම්,
ගෙදර ගිහින් සැනසිල්ලේ
කාර්යාල අමතක කර
නිදා ගන්න පූළුවන්...
නිදා ගන්න???? මොන පිස්සුද?
හෙට ශනිදා....
ඔන්න ඉතින් අද ශනිදා...
උදේ පටන් රෑ වනතුරු
උපාධියේ දේශන සහ වැඩ කටයුතු
ගානක් නෑ.... හෙට ඉරිදනේ
දන්නෙත් නෑ.. ඉරිද ඇවිත්
මහන්සියට නින්ද ගියා
දොලහයි මම නැගිටින කොට
තව එක වරුවක් ඉතිරියි..
නාලා, කාලා, බීලා, ටිකක්
සැනසිල්ලේ ඉන්න ඕනෙ..
සැනසිල්ලේ??? ඒ කොහොමද?
හෙට සදුදනෙ...
ඒක තමයි .. හෙට සදුදනෙ
ගානක් නෑ...... (ගනන් ගත්තත් කරන්න දේකුත් නෑ)
ඊළග සති අන්තය තෙක්,
විවේකයක් නොමැති වුවත්,
බලා ඉන්නවා ආයෙත්.............
5 comments:
HA HA HAAA
This is so true patz. Gonna miss u soooo.... much.
It's really really nice. Beautiful creation nevi..(as always)
Cool....
මේ රවුම වෙනස් කරන්න විදිහක් තිබ්බනම් මරු
so true,,,,
Post a Comment