



මේ මට විද්‍යුත් තැපෑලක් මගින් ලැබුණු ඡායාරූප කිහිපයක්... අපේ රණවිරුවන් තමන්ගේ සතුරන්ටත් දයාව, කරුණාව නොමදව ලබා දෙන අයුරුයි මේ..
අපේ රණවිරුවන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙනි මේ බ්ලොග් සටහන.
මේ ඡායාරූප කිහිපය මගේ සටහනකට වඩා ඹබට සමීප වන නිසා අද මගේ අදහස දැක්විය යුතු නැතැයි මට සිතුනා.
ඹබේ අදහස් වලට මේ සටහන විවෘත කරමින් මම අදට සමු ගන්නවා.
රණවිරුවනි, අප සදා ඔබට ණයගැතියි...!!
Sri Lanka.. One Country... One Nation..
3 comments:
බැලූ බැල්මටම මෙම ඡායාරෑප පෙළ මාධ්‍ය වෙත නිකුත් කිරීමට ගන්නා ලද්දක් බව පෙනීගියත් ඒ පමනින්ම මෙය නොසලකා හරින්නට මගේ සිත මා හට ඉඩ දුන්නේ නෑ. මන්ද ඒ LTTE මිලේචිඡයන්ට වඩා සෑමලෙසකින්ම අපේ සොයුරැ රණවිරැවන් උසස් නිසා. ගතින් නොවුනත් සිතින් අපි සැමදා ඔවුන් සමගයි...
ONE NATION... ONE FLAG... !
මේ යුද පෙරමුනෙන් නැගෙන මනුශ්‍යත්වයේ උපරිම අවස්ථාවකි. පින්තූර මාධ්‍ය සඳහා වීමට පුලුවන. නමුත් කිසිවක් මවා පෑම් ලෙස සැලකිය නොහැක. මේ කොටි සෙබල තරුනියන් තිදෙනෙකි. ඒ අන් මාධ්‍ය වලින් මේ පින්තූර මා දැක ඇති නිසාය. තුවාල වී ඇති තරුණිය ඉංග්‍රිසි ගුරුවරියකි. ඇගේ මුහුණේ ඇත්තේ ශෝකය මුසු සැනසුම් හැඟීමකි. අනෙක් තරුනියෝ දෙදෙනා පින්තූරය ගනිද්දී වෙනතක බලාගෙන සිටිති. ඔවුන් වික්ශිප්ත වී ඇති නිසාය. මෙපමණ කලක් ඔවුන් මානසික සෝදා පාලුවකට ලක් වී තිබුනි. ඒ සිංහල සොල්දාදුවන් වනචර ස්ත්‍රී දූශක නරුමයන් වශයෙන් හඳුන්වා දී තිබූ නිසාය. නමුත් සිය සොහොයුරන් මෙන් යටත් වූ පසු සිංහල සොල්දාදුවන් තමන්ට සලකන බව දුටු පසු මෙතෙක් තමන් සටන් කරේ කා වෙනුවෙන්දැයි ඔවුන්ටම වැටහී ඇත. සතුරා කවුදැයි ඔවුන් දැන් වටහා ගෙන ඇත. මේ සියල්ල ලක් මවගේ දරුවෝය. ඒ ගැන සැකයක් නැත. අවශ්‍යව ඇත්තේ සත්‍යය වටහාගෙන ඉදිරියට යාමටය. ලක් මවට ජයවේවා!! යුද ගිනි නිවේවා!! සාමයේ මල් පිපේවා!!!
Post a Comment