Monday, July 14, 2008

මනුෂ්‍යත්වයේ නාමයෙන්.... (name of humanity)


මෙම සටහන ආරම්භ කිරීමට හේතුවුනේ හිතේ ඇතිවුන ලොකු කලකිරීමක්...
අපි දෙයක් ආරම්භ කරන කොට ඒ දේ ආරම්භ කරන්නේ යම් කිසි අරමුණක් මුදුන් පමුණුවාගෙන.යම් කිසි දේශපාලනික පක්ෂයකට වුනත් එහි ආරම්භය සදහා පැහැදිලි අරමුණක් තිබෙනවා. එහි අරමුණ බලය, ධනය, කීර්තිය වන්නට පුලුවන්, නමුත් එයත් අරමුණක්. බලය, ධනය, කීර්තිය අරමුණ කරගත් පක්ෂ තවමත් වරින් වර බල ලෝභීත්වය මත විසිරී, එකතු වී යලි යලිත් ගොඩ නැගෙනවා. නමුත්................
මනුෂ්‍යත්වය උදෙසා ගොඩ නැගුණ පක්ෂයක් එලෙස විසිරී යනු දැකීම ඉතාමත් ශෝකයට කරුණක්. ඔවුන් මනුෂ්‍යත්වය අරමුණු කරගෙන ලෙයින්, දහඩියෙන් අඩිතාලම දමමින් පක්ෂය ගොඩ නැගුවා. නමුත් අද ඔවුන්ට ඔවුන්ගේ අරමුණ අමතක වෙලා. අරමුණ තවමත් මතක උදවිය පක්ෂයෙන් ඉවතට ගොසින්..
අපට වැදගත් පක්ෂයේ නම නොවේ, එහි අරමුණයි. ඒ නිසාම පක්ෂයෙන් ඉවතට ගියත් පක්ෂයේ අරමුණ වෙනුවෙන් කැපවී සිටින සහෝදරයන්ට ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් මගේ සහයෝගයත් ලබා දිය යුතුයැයි මට සිතුනා.
මේ මම මගේ හෘද සාක්ෂියට අවනත වූ අවස්ථාවක්..........

Reality of Politics in Sri Lanka..!!

Wednesday, July 2, 2008

අරුමේ........ (Wonder)


සීතල පිණි කැට..... වැටෙනා වු මේ යාමේ
සීත සුළං රැල් ..... හමනා වු මේ යාමේ
අනන්ත වූ විශ්වය පීරා.... පීරා සෙව්වෙමි
මා හදෙහි සැඟව ඇති... ඒ අරුමේ


සුදු වැලි ඇතිරෑ පොලොව මතින්
අහස් කුසේ තරු වියන යටින්
දුටුවා මා සෙවු ඒ අරුමේ
ඔබගේ සියුමැලි වත කමලින්.....


සීතල පිණි කැට.....


සරා සදකි ඔබ කළුවර අහසට
විකසිත කුසුමකි වන පෙත් අරණට
වැහි බිදුවකි මේ නිරුදක කතරට
නව අරුතකි මගෙ ජීවන ගමනට.....


සීතල පිණි කැට.....

The Beauty of Love...!!