Thursday, March 5, 2009

මම, කවියා සහ විද්‍යාඥයා..




කට පාඩම් ජීව විද්‍යාවෙන්
විඩාබර වූ මම..
ගියෙමි උදෑසන
සොබාසිරි විදින්නට
සිංහරාජයට නොව
මාගේ ගෙවත්තට..

දුටිමි ඈත
මද සුලගට
පිපී වැනෙන
"රෝස මලක්"

හනි හනිකට දිව ගොස්
නෙලන්නට තැත් කලෙමි
"නවතින්න, නවතින්න"
කියයි සමහරෙක් මට

කවියා:-
නෙලන්නට එපා ඒ දෙනෙත් පිනවන "කුසුම"
සිහිවේ මගේ සිතට ඇ‍ගෙ සොදුරු වත පියුම
සිඹින්නට සිතේ විටෙක, දරාගන්නෙ බෑ හැගුම
ඇගෙ රක්ත දෙකොපුල් මවයි ආලයේ අරුම

ඇසුනි....
ඈතින්
කොක් හඩල සිනාසෙන
කොරොස් හඩක්...

විද්‍යාඥයා:-
වැරැද්දක් වැරැද්දක් මේක ලොකු වැරැද්දක්
කුසුමක් මලක් නොව තවත් රෝස "පුෂ්පයක්"
ප්ලාන්ටේ රජදහනෙ ඇන්තොෆයිටාවක්
ප්‍රජනනය සිදුකරන සපුෂ්පී ව්‍යුහයක්

සැනෙකින්..
මා පිවිසුනි
පියවි ලොවට!!!
යලිත් අතට ගෙන
ජීව විද්‍යා පොත
තැත් කලෙමි සැරසෙන්ට
එලඹෙන උසස් පෙලට


(මා විසින් උසස් පෙල සමයේ ලියූ සටහනක්.. :) )

10 comments:

Shashika Samarasinghe said...

kiwweth nehene,AL kale idan kavi liwwa kiyala Nevi,ah??
Itz nc,keep it up,,,
Gd luk gal!!!!

Hiranya said...

කවියා සහ විද්‍යාඥයා යන දෙදෙනාගේ දෘෂ්ටියේ ඇති විවිදත්වය කියාපායි. "මම:" යන්නා‍ගේ දෘෂ්ටියත් කවියට එකතු වූවා නම් වඩාත් ‍‍හොදයි. ලස්සනයි.

Nevi said...

@hiranya

දුටිමි ඈත
මද සුලගට
පිපී වැනෙන
"රෝස මලක්"

හනි හනිකට දිව ගොස්
නෙලන්නට තැත් කලෙමි...

ඇත්තටම ඒ මොහොතේ මට තිබුනේ මේ සරල සිතුවිල්ල පමනයි.. :)

Unknown said...

නියමයි. බොහොම ලස්සනට ලියල තියනව. :)

Narada said...

@hiranaya:
මාත් දකින්නේ එහෙමයි.

ප්‍රතිව් said...

හරිම අපුරෑයි...! කවියත්, ඔබත්, විද්‍යාඥයා යන තිදෙනම හොදින් ගලපා අති බව පේනවා. තව තවත් ලියන්න ශක්තිය ලෑබේවා...!

malee_msg said...

ලස්සනම ලස්සනයි!

Nevi said...

අදහස් දැක්වූ සියලු දෙනාටම බොහොම ස්තුතියි.. :)

LishWish said...

ප්‍රජනනය සිදුකරන ව්‍යුහයක්
මූලිකව ම අපි ලෝකෙට ඇවිත් ඉන්නෙ ඕකට නේද..?

Unknown said...

@LishWish අවුරුදු 9කට පස්සෙ තමයි මේ කොමෙන්ට් එක දකින්නෙ.. ඒකට විතර නම් ඇයි අපිට තව මල විකාර හිතන්න තරම් මොලයක් දීලා තියෙන්නේ.. ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ.. :D :D