
සිතුවෙමි මොහොතක් මම
මා ගැන...
මා කව්ද යන වග...
සෙව්වෙමි හැමතැනම,
ලැබුනෙහිය;
එකිනෙකට පරස්පර
පිලිතුරු...
මා පියන්ගෙ දරුවෙකු වන මා
සොයුරාගෙ සොහොයුරියයි..
මිතුරන්ගේ මිතුරකු වන මා
ඔහුගේ හද පෙම්වතියයි..
එතකොට මම??
මම,
මම නොවෙම්ද??
ගැටලුවකි!!
මොහොතකට යලිත් වරක්
මම
අමතක කලෙමි,
මා ගැන,
මමත්වය තුල අතරමං වූ නිසාවෙන්....
3 comments:
100% මම කෙනෙක් නම් නෑ තමයි!
පටන් ගන්න යන්නේ ලොකු පරාසයක් තියෙන මාතෘකාවක්. හොඳයි හිතන එක...
මමත්වය කියනවාට වඩා මෙයට අනාත්මය කියා කිව්වොත් නිවැරදියි. මම,මගේ කියා කිසිවක්
මේ විශ්වයේ නැතිබව එයින් ගම්‍යවේ. ඔබ අතගසා තිබෙන්නේ යමෙකුට මේ ජීවිතයේදී අවබෝධකල යුතු
අසීරුතම යථාර්ථය පිළිබඳ විමර්ශනයක යෙදීමටය.
"එතකොට මම??
මම,
මම නොවෙම්ද??
ගැටලුවකි!!
නැහැ සොයුරිය...එතන ගැටළුවක් නෑ. බලන්න මම කියා ගන්නේ මේ පංචස්කන්ධය නේද කියා.
ඔබේ රූපය ඔබ මමය මගේය කියා වරදවා ගන්නේය.
ඔබේ සැප/දුක් විඳීම් ඔබ මමය මගේය කියා වරදවා ගන්නේය.
ඔබේ සියලු හඳුනාගැනීම්(සංඥා)ඔබ මමය මගේය කියා වරදවා ගන්නේය.
ඔබේ සිතිවිලි චේතනා (සංඛාර)ඔබ මමය මගේය කියා වරදවා ගන්නේය.
ඔබේ දැනීම් මාත්‍ර(විඤ්ඤාණ)ඔබ මමය මගේය කියා වරදවා ගන්නේය.
මෙන්න මම. මෙන්න මම වෙමි. නමුත් මේවා සියල්ල හේතුඵල පමණි.
ඔබේ උත්සාහයට මගේ සුභපැතුම්
Post a Comment