මේ දවස් වල සෑම මාධ්‍යයකම වැඩිපුරම ප්‍රචාරය වෙන්නේ 15 වන සාර්ක් සමුළුව ගැන. දකුණු ආසියානු කලාපයේ සංවර්ධන වැඩපිලිවෙල වල් ගැන මහා පරිමාණයෙන් මේ සමුළුවේ දී කතා බහට ලක් වෙනවා.
ශ්‍රි ලංකාව පවතින තත්වයට වඩා තව බොහොමයක් සංවර්ධනය විය යුතු රටක්. මෙහිදී සංවර්ධනය කියලා මම අදහස් කරන්නේ භෞතික දෑ සලකා බලමින්. මානුෂීය අතින් තවමත් ශ්‍රි ලංකාව, කුමන දේ වුවත් ඉදිරියෙන් සිටිනවා. ප්‍රශ්නෙකට තියෙන්නේ අමානුෂික ක්‍රියාවන් වල නිරතවන්නේ අවමයක් වුනත්, ඔවුන් ඉහලම ස්ථරවල සිටින නිසා එය නිතර පාහේ මාධ්‍යයවලින් කැපිලා පේන එක.
සාර්ක් සමගින් ශ්‍රි ලංකාවට සංවර්ධනය වැඩපිලිවෙල වල් බොහොමයක් ලැබේවි. නමුත් ඒවා දිගු කාලීන වැඩපිලිවෙල වල් වනවාට කිසිදු සැකයක් නෑ. කෙටි කාලීනව බැලුවහොත් සංවර්ධනයට වඩා විනාශයක් සිදුවන බවනම් මේ දවස් ටිකේ පෙනෙමින් පවතිනවා.
එකක් තමයි කොම්පඤ්ඤවීදියේ තිබූ අනවසර නිවාස ඉවත් කිරීම. අනික් දේ තමයි රාජගිරියේ අනවසර කඩපෙල් ඉවත් කිරීම. අනවසරයෙන් ඉදිකිරීම් සිදුකලේ නම් ඒවා ඉවත් කිරීම සර්ව සාධාරණයි. නමුත් ඒවා තුලත් ජීවත් වනනේ මිනිසුන් බව අමතක නොකල යුතුයි. ඒ මිනිස්සුන්ගේ ජීවිත රැකිලා තියෙන්නේ ඒ බිත්ති හතරෙන් වටවූ නිවස තුල. ඒ ජීවිත යලිත් එපරිද්දෙන් ගොඩනැගීම එතරම් ලේසි කටයුත්තක් නෙමෙයි. සාමාන්‍ය ජනතාවට බඩුමිල දරාගන්න බැරි කාලෙක, මේ වගේ සිදුවීමකටත් මුහුණ පාන්න සිදුවු විට ඒ පුද්ගලයා තමන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඕනම දෙයක් කරන තැනකට අසරණ වෙනවා. ඒ තැනට මිනිසා පත්වෙන්නේ ඉතාමත් අඩු කාලෙකින්. මේ අසරණකම සාරධර්ම පිරිහෙන්න මූලික වෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍යය වන්නේ නැහැ. දිගු කාලීන සංවර්ධන වැඩපිලිවෙල වල් සාර්ක් මගින් කතා බහට ලක්වුනත් ඒ සංවර්ධනයේදී අප සතුව පවතින වටිනාම සම්පත, "මනුස්සකම" හීන වෙලා යනවා නම් මේ රටේ සංවර්ධනයෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
Friday, August 1, 2008
Monday, July 14, 2008
මනුෂ්‍යත්වයේ නාමයෙන්.... (name of humanity)

මෙම සටහන ආරම්භ කිරීමට හේතුවුනේ හිතේ ඇතිවුන ලොකු කලකිරීමක්...
අපි දෙයක් ආරම්භ කරන කොට ඒ දේ ආරම්භ කරන්නේ යම් කිසි අරමුණක් මුදුන් පමුණුවාගෙන.යම් කිසි දේශපාලනික පක්ෂයකට වුනත් එහි ආරම්භය සදහා පැහැදිලි අරමුණක් තිබෙනවා. එහි අරමුණ බලය, ධනය, කීර්තිය වන්නට පුලුවන්, නමුත් එයත් අරමුණක්. බලය, ධනය, කීර්තිය අරමුණ කරගත් පක්ෂ තවමත් වරින් වර බල ලෝභීත්වය මත විසිරී, එකතු වී යලි යලිත් ගොඩ නැගෙනවා. නමුත්................
මනුෂ්‍යත්වය උදෙසා ගොඩ නැගුණ පක්ෂයක් එලෙස විසිරී යනු දැකීම ඉතාමත් ශෝකයට කරුණක්. ඔවුන් මනුෂ්‍යත්වය අරමුණු කරගෙන ලෙයින්, දහඩියෙන් අඩිතාලම දමමින් පක්ෂය ගොඩ නැගුවා. නමුත් අද ඔවුන්ට ඔවුන්ගේ අරමුණ අමතක වෙලා. අරමුණ තවමත් මතක උදවිය පක්ෂයෙන් ඉවතට ගොසින්..
අපට වැදගත් පක්ෂයේ නම නොවේ, එහි අරමුණයි. ඒ නිසාම පක්ෂයෙන් ඉවතට ගියත් පක්ෂයේ අරමුණ වෙනුවෙන් කැපවී සිටින සහෝදරයන්ට ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් මගේ සහයෝගයත් ලබා දිය යුතුයැයි මට සිතුනා.
මේ මම මගේ හෘද සාක්ෂියට අවනත වූ අවස්ථාවක්..........
Reality of Politics in Sri Lanka..!!
Wednesday, July 2, 2008
අරුමේ........ (Wonder)
සීතල පිණි කැට..... වැටෙනා වු මේ යාමේ
සීත සුළං රැල් ..... හමනා වු මේ යාමේ
අනන්ත වූ විශ්වය පීරා.... පීරා සෙව්වෙමි
මා හදෙහි සැඟව ඇති... ඒ අරුමේ
සුදු වැලි ඇතිරෑ පොලොව මතින්
අහස් කුසේ තරු වියන යටින්
දුටුවා මා සෙවු ඒ අරුමේ
ඔබගේ සියුමැලි වත කමලින්.....
සීතල පිණි කැට.....
සරා සදකි ඔබ කළුවර අහසට
විකසිත කුසුමකි වන පෙත් අරණට
වැහි බිදුවකි මේ නිරුදක කතරට
නව අරුතකි මගෙ ජීවන ගමනට.....
සීතල පිණි කැට.....
The Beauty of Love...!!
සීත සුළං රැල් ..... හමනා වු මේ යාමේ
අනන්ත වූ විශ්වය පීරා.... පීරා සෙව්වෙමි
මා හදෙහි සැඟව ඇති... ඒ අරුමේ
සුදු වැලි ඇතිරෑ පොලොව මතින්
අහස් කුසේ තරු වියන යටින්
දුටුවා මා සෙවු ඒ අරුමේ
ඔබගේ සියුමැලි වත කමලින්.....
සීතල පිණි කැට.....
සරා සදකි ඔබ කළුවර අහසට
විකසිත කුසුමකි වන පෙත් අරණට
වැහි බිදුවකි මේ නිරුදක කතරට
නව අරුතකි මගෙ ජීවන ගමනට.....
සීතල පිණි කැට.....
The Beauty of Love...!!
Thursday, June 26, 2008
බ්ලොග් අතරේ ඇවිදීමි........(Walking through Blogs)
සිංහල බ්ලොග් රචනයට මම තවමත් ආධුනිකයෙක්. ඒ නිසාම මම අද සිංහල බ්ලොග් අඩවි වල පොඩි රවුමක් ගහන්න ඕනෙ කියලා හිතුවා.
ඒ අතරින් සිත් බැදගත් බ්ලොග් කිහිපයක්ම මට හමුවුනා. කෙතරම් නිර්මාණශීලි පිරිසක් අපි අතරේ සිටිනවාද? එම බ්ලොග් අතරේ කෙතරම් සැගවුණ කුසලතා හිමි පුද්ගලයන් සිටිනවාද?
හැමදේම ගෝලීයකරණයවන මේ යුගයේ වුනත් නූතන ශ්‍රි ලාංකික හදවත් වලට දැනෙන දේ ප්‍රකාශ කරන්න ඉංග්‍රිසි භාෂාව වැනි ජාත්‍යන්තර භාෂාවක් දියුණු මදි කියලයි මට අවසානයේ දී පසක් වුනේ.
ඉංග්‍රිසි බ්ලොග් අතරේ අතරමං වුන නිර්මාණශීලිබව හා ශ්‍රි ලාංකික කලාව සිංහල බ්ලොග් තුලින් දළුලා වැඩෙන්න පටන් අරන්............
For the People who think Different..!!
ඒ අතරින් සිත් බැදගත් බ්ලොග් කිහිපයක්ම මට හමුවුනා. කෙතරම් නිර්මාණශීලි පිරිසක් අපි අතරේ සිටිනවාද? එම බ්ලොග් අතරේ කෙතරම් සැගවුණ කුසලතා හිමි පුද්ගලයන් සිටිනවාද?
හැමදේම ගෝලීයකරණයවන මේ යුගයේ වුනත් නූතන ශ්‍රි ලාංකික හදවත් වලට දැනෙන දේ ප්‍රකාශ කරන්න ඉංග්‍රිසි භාෂාව වැනි ජාත්‍යන්තර භාෂාවක් දියුණු මදි කියලයි මට අවසානයේ දී පසක් වුනේ.
ඉංග්‍රිසි බ්ලොග් අතරේ අතරමං වුන නිර්මාණශීලිබව හා ශ්‍රි ලාංකික කලාව සිංහල බ්ලොග් තුලින් දළුලා වැඩෙන්න පටන් අරන්............
For the People who think Different..!!
අහිමි වු බලාපොරොත්තුව....... (Lost Hope)
කටු පොකුරකි මා සිපගත්තේ
බලාපොරොත්තුව දෝත දරාගෙන
හෙට හිමිදිරියේ විකසිත වන්නට
මලක් ලෙසින්.....
විකසිත වූයේ නෑ
මා පැතු ලෙස
මුකුලිත විය
හෙට දිනට කලින්
මුකුලිත වී විසිරී ගිය මල් පෙති
අහුලා ගත්තද ඔබ මෙලෙසින්
සිතන්නෙපා හැකි වේය කියා
යලි මලක් කරන්නට පැතු විලසින්...........
When someone lost faith of His/Her Love..!!
Wednesday, June 25, 2008
පලමු බ්ලොග් සටභන (First Blog Note)
කාලයක් තිස්සේ හිතේ පුදුම ආසාවක් තිබුනා සිංහලෙන් බ්ලොගයක් ආරම්භ කරන්න. අද මට ඒ ආසාව මුදුන් පමුණුවා ගන්න පලුවන් වෙච්ච එක ලොකු සතුටක්.
මම එදිනෙදා දකින, මුහුණ පාන නමුත් හිතට දැනෙන බොහෝ දෑ, මගේ ඇසින් ඔබ වෙත ගෙන එන්නයි මාගේ මේ ප්රයත්නය.............
මම එදිනෙදා දකින, මුහුණ පාන නමුත් හිතට දැනෙන බොහෝ දෑ, මගේ ඇසින් ඔබ වෙත ගෙන එන්නයි මාගේ මේ ප්රයත්නය.............
Subscribe to:
Posts (Atom)


